සිසු නයු අභිමන් 2020

සිසු නයු අභිමන් 2020

2020 වර්ෂය ඳහා තේරී පත් වූ ‘දහම් පා’ දහම් පාසලේ නවක ශිෂ්‍ය මණ්ඩලය සඳහා නිල ලාංඡන පැළදවීමේ සිසු නයු අභිමන් 2020 උත්සවය දහම්පා දහම් පාසලේ ප්‍රධාන ශාලාවේදී පසුගිය පෙබරවාරි 23 වන ඉරුදින තව කියවන්න »

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්නපත්‍ර

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්නපත්‍ර

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයේ ඇති එකම ක්‍රමවත් එකතුව  යාවත්කාල කළ බව සතුටින් දැනුම් දෙමු. තව කියවන්න »

දහම් පා ශිෂ්‍ය නායක මඬුල්ල වාර්ෂික චාරිකාව

දහම් පා ශිෂ්‍ය නායක මඬුල්ල වාර්ෂික චාරිකාව

2018 වර්ෂයේ ශිෂ්‍ය නායක මඬුල්ල පසු ගිය දා චාරිකාවක නිරත වුහ. මෙවර චාරිකාව සඳහා රිවර්ස්ටර්න් ප්‍රදේශය තෝරාගෙන තුබූ අතර මෙම චාරිකාව බොහෝ විනෝදාත්මක විය. තව කියවන්න »

ආරභථ නික්‌ඛමථ යුඤඡථ බුද්ධසාසනෙ

ආරභථ නික්‌ඛමථ යුඤඡථ බුද්ධසාසනෙ

නමෝතස්‌ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්‌ස !!! “ආරභථ නික්‌ඛමථ යුඤඡථ බුද්ධසාසනෙ ධුනාථ මච්චුනො සේනං නළාගාරංව කුඤඡරො යො ඉමස්‌මිං ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්‌සති පහාය ජාති සාසාරං දුක්‌ඛස්‌සන්තං කරිස්‌සති” ‘ආරම්භ කරන්න, නික්‌මෙන්න, බුදුසසුනෙහි යෙදෙන්න. ඇතකු බට දඬු ගෙයක්‌ වනසන්නාක්‌ තව කියවන්න »

ශාස්ත්‍රදේවාභිවන්දනා 2018 ගුරු උපහාර උළෙල

ශාස්ත්‍රදේවාභිවන්දනා 2018 ගුරු උපහාර උළෙල

දහම් පා දහම් පාසලේ දරුවන් හා ගුරුවරුන් අතර ඇත්තේ මනා සබැඳියාවක් බව තහවුරු කරමින් ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රමුඛ දහම් පා සිසු දරු දැරියන් විසින් සංවිධානය කළ  ගුරු උපහාර උළෙල “ශාස්ත්‍රදෙවාභිවන්දනා 2018” නමින් අද තව කියවන්න »

 

ධර්මාචාර්ය විභාගය පසුගිය ප්‍රශ්න පත්‍ර. Dharmacharya Exam Past papers.

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයේ සොයාගැනීමට ක්‍රමවත් එකතුවක් මෙතෙක් නොතිබූ බැවින් අප සතුව ඇති සියලු ප්‍රශ්න පත්‍ර බෙදා ගැනීමට කල්පනා කළෙමු. 

“සුරංජතු ගුරුදේව” ගුරු උපහාර 2017

2017 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය හා සිසු දරු දැරියන් එක්ව මෙවරද වාර්ෂිකව සුපුරුදු පරිදි ගුරුදිනය සමරන ලදී. “සුරංජතු ගුරුදේව” යන තේමාව යටතේ මෙවර අති උත්කර්ෂවත් අයුරින් 2017-9-8 වන ඉරු දින දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

2017 නිවාසාන්තර තරඟාවලියේ සහතික හා කුසලාන ප්‍රදානය

 

2017 වර්ෂයේ දහම් පාසලේ නිවාසාන්තර තරඟාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියන්ට සහතික පත්‍ර බෙදා දීම පසුගියදා දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

සඟරා දොරට වැඩුම

2017 වර්ෂයේ දහම් පාසලේ නිවාසාන්තර තරඟ මාලාවට සමගාමීව දහම් පාසලේ මෙවර නිවාස ද්විත්වය වූ ප්‍රඥා සහ ප්‍රදීප යන නිවාස මගින්  “ප්‍රඥාලෝක” සහ “සාරාර්ථ ප්‍රදීපය” සඟරාවන් දෙකක් නිර්මාණය කරන ලදී. එම සඟරාවන් දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය ගෞරවනීය පරකන්දෙනියේ  ධීරානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේට 2017/10/8  වන ඉරු දින පිළිගන්වන ලදී.

දහම් පා ජයග්‍රාහකයන්ට අපේ සුබපැතුම්

දහම් පා ජයග්‍රාහකයන්ට අපේ සුබපැතුම්.  

‘දහම් පා’ මෙවරත් ගම්පහින් ප්‍රථම ස්ථානයට

2017 සමස්ථ ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ මාණ්ඩලික අදියරේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මෙවරත් ප්‍රථම ස්ථානයට පත් වීමට  ‘දහම් පා’ දහම් පාසලට හැකි විය. දීප ව්‍යාප්ත තරඟාවලියේ ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තරඟ 2017/9/17 වන ඉරු දින මැදගම සිරි සුනන්දාරාමය සහ සිරි සිද්ධාර්ථ කුමාර විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් දහම්පාසල් 51 ක සිසු සිසුවියන් 2000 ක් පමණ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

ලැබුවා වූ නව වසරට දහම් පා අපගෙන් සුබ පැතුම් !!

දහම් පා බක් මහ උළෙල 2016

දරුවන් අතර වියැකී යන සංස්කෘතිය යලි පුබුදුවා ලීමේ අරමුණින් යුතුව දහම් පා දහම් පාසල මඟින් ප්ර ථම වරට සංවිධානය කරනු ලබන “දහම් පා” බක් මහා උළෙල අප්රේවල් මස 10 වන ඉරු දින දහම් පා පරිශ්‍රයේදී පැවැත්වේ.

දුරුතු මහා පෙරහැර 2016 (සජීව පටිගත දර්ශන)

2016 අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරස්ථ වාර්ෂික පින්කම් මාලාවේ අවසාන අංගය වන දුරුතු මහා පෙරහැර 11 වන වරටත් 2016 ජනවාරි 30 වන දින රාත්‍රී වීථි සංචාරය කරන ලදී.

දහම්පා ග්‍රාම ප්‍රදක්ෂිණා පෙරහැර

64 වන වරට සිදුකරනු අලබන අමුණුගොඩ රාජ මහා විහාරස්ථ දුරුතු මහා පින්කම් මාලාවට සමගාමීව විහාරස්ථ දහම්පා දහම් පාසල මගින් සංවිධානය කල ග්‍රාම ප්‍රදක්ෂිණා පෙරහැර