Category Archives: Home

ධර්මාචාර්ය විභාගය පසුගිය ප්‍රශ්න පත්‍ර. Dharmacharya Exam Past papers.

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයේ සොයාගැනීමට ක්‍රමවත් එකතුවක් මෙතෙක් නොතිබූ බැවින් අප සතුව ඇති සියලු ප්‍රශ්න පත්‍ර බෙදා ගැනීමට කල්පනා කළෙමු. 

“සුරංජතු ගුරුදේව” ගුරු උපහාර 2017

2017 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය හා සිසු දරු දැරියන් එක්ව මෙවරද වාර්ෂිකව සුපුරුදු පරිදි ගුරුදිනය සමරන ලදී. “සුරංජතු ගුරුදේව” යන තේමාව යටතේ මෙවර අති උත්කර්ෂවත් අයුරින් 2017-9-8 වන ඉරු දින දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

2017 නිවාසාන්තර තරඟාවලියේ සහතික හා කුසලාන ප්‍රදානය

 

2017 වර්ෂයේ දහම් පාසලේ නිවාසාන්තර තරඟාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියන්ට සහතික පත්‍ර බෙදා දීම පසුගියදා දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

සඟරා දොරට වැඩුම

2017 වර්ෂයේ දහම් පාසලේ නිවාසාන්තර තරඟ මාලාවට සමගාමීව දහම් පාසලේ මෙවර නිවාස ද්විත්වය වූ ප්‍රඥා සහ ප්‍රදීප යන නිවාස මගින්  “ප්‍රඥාලෝක” සහ “සාරාර්ථ ප්‍රදීපය” සඟරාවන් දෙකක් නිර්මාණය කරන ලදී. එම සඟරාවන් දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය ගෞරවනීය පරකන්දෙනියේ  ධීරානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේට 2017/10/8  වන ඉරු දින පිළිගන්වන ලදී.

දහම් පා ජයග්‍රාහකයන්ට අපේ සුබපැතුම්

දහම් පා ජයග්‍රාහකයන්ට අපේ සුබපැතුම්.  

‘දහම් පා’ මෙවරත් ගම්පහින් ප්‍රථම ස්ථානයට

2017 සමස්ථ ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ මාණ්ඩලික අදියරේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මෙවරත් ප්‍රථම ස්ථානයට පත් වීමට  ‘දහම් පා’ දහම් පාසලට හැකි විය. දීප ව්‍යාප්ත තරඟාවලියේ ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තරඟ 2017/9/17 වන ඉරු දින මැදගම සිරි සුනන්දාරාමය සහ සිරි සිද්ධාර්ථ කුමාර විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් දහම්පාසල් 51 ක සිසු සිසුවියන් 2000 ක් පමණ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

ලැබුවා වූ නව වසරට දහම් පා අපගෙන් සුබ පැතුම් !!

දහම් පා බක් මහ උළෙල 2016

දරුවන් අතර වියැකී යන සංස්කෘතිය යලි පුබුදුවා ලීමේ අරමුණින් යුතුව දහම් පා දහම් පාසල මඟින් ප්ර ථම වරට සංවිධානය කරනු ලබන “දහම් පා” බක් මහා උළෙල අප්රේවල් මස 10 වන ඉරු දින දහම් පා පරිශ්‍රයේදී පැවැත්වේ.

දුරුතු මහා පෙරහැර 2016 (සජීව පටිගත දර්ශන)

2016 අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරස්ථ වාර්ෂික පින්කම් මාලාවේ අවසාන අංගය වන දුරුතු මහා පෙරහැර 11 වන වරටත් 2016 ජනවාරි 30 වන දින රාත්‍රී වීථි සංචාරය කරන ලදී.

දහම්පා ග්‍රාම ප්‍රදක්ෂිණා පෙරහැර

64 වන වරට සිදුකරනු අලබන අමුණුගොඩ රාජ මහා විහාරස්ථ දුරුතු මහා පින්කම් මාලාවට සමගාමීව විහාරස්ථ දහම්පා දහම් පාසල මගින් සංවිධානය කල ග්‍රාම ප්‍රදක්ෂිණා පෙරහැර