Category Archives: අධ්‍යාපනික

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්නපත්‍ර

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයේ ඇති එකම ක්‍රමවත් එකතුව  යාවත්කාල කළ බව සතුටින් දැනුම් දෙමු.

ආරභථ නික්‌ඛමථ යුඤඡථ බුද්ධසාසනෙ

නමෝතස්‌ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්‌ස !!!

“ආරභථ නික්‌ඛමථ යුඤඡථ බුද්ධසාසනෙ
ධුනාථ මච්චුනො සේනං නළාගාරංව කුඤඡරො
යො ඉමස්‌මිං ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්‌සති
පහාය ජාති සාසාරං දුක්‌ඛස්‌සන්තං කරිස්‌සති”

‘ආරම්භ කරන්න, නික්‌මෙන්න, බුදුසසුනෙහි යෙදෙන්න. ඇතකු බට දඬු ගෙයක්‌ වනසන්නාක්‌ මෙන් මාර සේනාව නසන්න.
යමෙක්‌ මේ සස්‌නෙහි අප්‍රමාදව වෙසෙන්නේද, හෙතෙම ඉපදීම සහ සසර දුරුකොට දුක්‌ කෙළවර කරන්නේය.’

දහම් පාසල් අවසාන විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර

දහම් පාසල් විභාග පසු ගිය ප්‍රශ්න පත්‍ර

daham pasal awasana exam past papers
මෙතනින් බා ගන්න

වස්‌ පුරන්නට පහසු ගුණධර්ම (තෙළෙස්‌ ධුතාංග)

භික්‍ෂූන් වහන්සේලා විසින් රකින ලද මෙම තෙළෙස්‌ ධූතාංග උසස්‌ ගුණධර්ම හැටියටයි හඳුන්වාදී ඇත්තේ, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මෙම ගුණධර්ම ආරක්‍ෂා කර ඇති අතර, රහත් නොවූ භික්‍ෂූන් වහන්සේලා ද මෙම ගුණධර්ම කිහිපයක්‌ හෝ ආරක්‍ෂා කරමින්, පැවිදිs ජීවිතය ගත කරනු ඇත. විශේෂයෙන් බුදු සසුනේ සිටි මහ රහතන් වහන්සේලා අතුරින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත කතාව විග්‍රහ කිරීමේදී, මෙම සියලු ගුණධර්ම පිළිවෙළට ආරක්‍ෂා කළ බව සඳහන් වේ. සසර දුකින් ගැළවෙන්නට කැමැති, අමා මහ නිවන් දකින්නට කැමැත්තක්‌ දක්‌වන භික්‍ෂූන් වහන්සේලා සතර ඉරියව්වෙන්ම සිව්පසය පිළිබඳ පැවතිය යුතු අන්දම මෙම තෙළෙස්‌ ධූතාංගවලින් පෙන්වාදී ඇත.

බුදුරජාණන් වහන්සේ පිලිබද නූතන ඇගයීම්

ලොව පහළවූ පරම පූජනීය මනුෂ්‍ය රත්නය බුදු පියාණන් වහන්සේය. උන්වහන්සේගේ අසහාය ඉගැන්වීම් ලොව පුරා අදත් මහත් ආන්දොලනයන් ඇතිකරයි. කාලයක් තිස්සේ පල්ලියේ යකඩ සපත්තුවටත්, ඉස්ලාම් කඩුපහරටත් යටවූ සත්‍ය දැන් ටිකින් ටික අලු ගසාදමා නැගිටීමට පටන් අරන් ඇත. මිනිසා ආගමික සදිරකරුවන් වූ යුගය අවසන්ය. සත්‍යයේ අරුණලු ලොපුරා වැයෙමින් ඇත. මහා බුද්ධිමතුන් සත්‍යය සොයා ආගමික යදම් බිද දමා ඉදිරියට එති. විද්‍යාවටහසු නොවූ බොහෝ සත්‍යයන් මිත්‍යාවන්යැයි කියූ යුගය අවසන් වී ඇත. විද්‍යාව යනු ප්‍රාථමික විෂයක් බවට පත්වී ඇත. පහලින් දැක්වෙන්නේ ලොව බිහිවූ මහා විද්වතුන් විසින් කරන ලද ප්‍රකාශයන්ය.

භූමිචාල සූත්‍රය

භූමිකම්පා ඇතිවන ආකාර සතක් පිලිබදව බුදු රජාණන් වහන්සේ දේශනා කරයි. මෙය වසර දෙදහස් පන්සියකට පෙර බුදු රජාණන් වහන්සේ චාපාල චේතිය අසල වැඩසිට ආයු සංස්කාරය අත්හල මොහොතේ මහා භූ චලනයක් ඇති විය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බුදු රජුන් සමීපයට පැමිණ භූ චලන ඇති වීමට හේතු විමසන ලදී .එවිට බුදු රජාණන් වහන්සේ “අටඨ ඛො ඉමෙ ආනන්ද හේතු…” යනාදී පොලොව කම්පා වීමට හේතු අටක් දේශනා කරන ලදී .
“අයං ආනන්ද මහා පඨවී උදකෙ පතිටඨිතා උදකං වාතෙ පතිටඨිතං. වා කො ආකාසටෙඨා හොති… යං මහාවාතං වායනති, මහාවාතා උදකං කමෙපන්ති, උදකං කම්පිතං පඨවිං කමෙපති”
1 ආනන්ද, මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය හමායන විට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව පොළොව කම්පා වෙයි.
සමනොවා හොති බ්‍රාහ්මණොවා ඉද්ධිමා චෙතොවසිප්පතේතා, දෙවො වා මහිද්ධිකො මහානුබාවො තස්‌ස පරිත්තා පඨවි සඤ්ඤා භාවිතා හොති, අප්පමාණා ආපොසඤ්, සො ඉමං පඨවිං කමෙපති සකමෙපති සම්පකමෙපති සමපවෙඨෙති, අයං දුතියො හෙතු”

පාලි ඉගෙන ගන්න කැමතිද

සරලව මුල සිට පාලි ඉගන ගත හැකි පාඩම් මාලාව PDF  ඩවුන්ලොඩ් කරගන්න

දහම් පාසල් පෙළ පොත්

දහම් පාසල් පෙළ පොත් මෙම අඩවියෙන් ගන්න. (පැරණි නිර්දේශය)

සොළොස්මස්ථාන

සොළොස්මස්ථාන පිලිබඳ තොරතුරු මෙතනින් බාගත කරගන්න.

මෙම සොළොස්මස්ථාන පිළිබද තොරතුරු එක්රැස් කරගන්නා ලද්දේ බුදුසරණ පුවත්පතෙනි.

‘ මහියංගණං නාගදීපං කල්යාවණං පද ලාංඤඡනං – දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං – තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං – සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං – ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං – ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’
මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ

සප්ත සූර්යෝද්ගමන සූත්‍රය

 

සප්ත සූර්යෝද්ගමන සූත්‍රය

බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං

කප්පම්පි චේ අඤ්ඤමහාසමානෝ
ඛීයේථකප්පෝ චිරදීසමන්තණො
වණ්ණොන ඛීයේථ තථාගතස්ස

බුදුවරයන් වහන්සේ නමක් තම ජීවිත කල්පය මුළුල්ලේම වෙන ධර්මයක් නො දෙසා බුදුගුණ පමණක් ප්‍රකාශ කළහොත් ආයුෂ් කල්පය අවසාන වෙයි. එහෙත් බුදුගුණ අවසාන නො වෙයි.  යනු ඉහත සඳහන් ගාථාවේ අදහස යි. සිංහල භාෂාවේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් වන අමාවතුර ලියා ඇත්තේ ‘පුරිසදම්ම සාරථි’ ගුණය විස්තර කිරීම සඳහාය. ‘අරහං’ ගුණය විස්තර කොට මයුරපාද හිමියෝ පූජාවලිය ලියූහ. එහෙත් එයිනුත් කියැවෙනුයේ ‘අරහං’ ගුණයේ අංශු මාත්‍රයෙකි.