සිසු නයු අභිමන් 2020

2020 වර්ෂය ඳහා තේරී පත් වූ ‘දහම් පා’ දහම් පාසලේ නවක ශිෂ්‍ය මණ්ඩලය සඳහා නිල ලාංඡන පැළදවීමේ සිසු නයු අභිමන් 2020 උත්සවය දහම්පා දහම් පාසලේ ප්‍රධාන ශාලාවේදී පසුගිය පෙබරවාරි 23 වන ඉරුදින උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාවට අනුශාසක ගෞරවනීය පරකන්දෙනියේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ දූ දරුවන් රැසක් සහභාගී වන ලදි.  මෙහිදී පන්ති නායක නයිකවන්ටද නිල ලාංඡන පැලඳවීම සිදු කරන ලදී.

මුලින්ම ආගමික වතාවත් වල නියැළීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කරන ලදි. මීළඟට සිදු කළ වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ විසිර යාමේ අවස්ථාව සැමටම සංවේදී අවස්ථාවක් විය. ඉන් අනතුරුව නවක ශිෂ්‍ය නායක නායිකාවන් වෙත සාටක සහ නිල ලාංඡන පැළඳවීම දෙමව්පියන් සහ ආචාර්ය මණ්ඩලය අතින් සිදුවුණා. නවක ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ගෞරවණීය පොඩි හාමුදුරුවන් වහන්සේ විසින් ශිෂ්‍ය නායකයන්ගේ වගකීම් පැහැදිලි කරමින් අනුශාසනාවක් සිදු කරන ලදී.  

මෙම උත්සවය තුළදීම 2020 වර්ෂය සඳහා තේරී පත්වුණ පන්ති නායක නායිකාවන්ටද දෙමව්පියන් අතින් ලාංඡන පැළඳවීම සිදුවුණා. කෙටි විවේකයක් ලබා ගැනීමෙන් අනතුරුව මනෝ වෛද්‍ය ජයවර්ධන මහතා විසින් පවත්වන්නට යෙදුණු නායකත්වය පිළිබඳව දේශනයකට සවන්දීමට තේරී පත්වුණු නායක නායිකාවන්ට මෙන්ම දෙමව්පියන්ට ද අනෙකුත් සිසු සිසුවියන්ට ද අවස්ථාව උදා වුණා. 

දහම්ප දහම් පාසලේ අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයට මෙන්ම පන්ති නායක නායිකා මඩුල්ලට ‘දහම්පා’ මාධ්‍ය ඒකකයේ සුභාශිංශන එක් කරන්නේ හද පිරි සතුටිනි. උත්සවයේ තවත් ඡායාරූප නැරඹීම සඳහා මෙතනින් යන්න.

මෙම ලිපිය බෙදාගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න