Monthly Archives: October 2015

වඳිනෙමු ගුරු පා 2015 ගුරු උපහාර උළෙල

දහම් පා ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රමුඛ දූදරුවන් විසින් සංවිධානය කළ වඳිනෙමු ගුරු පා 2015 ගුරු උපහාර උළෙල 18 වන ඉරු දින දහම් පා දහම් පාසල් පරිශ්‍රයේදී පැවැත්විණ.

ගමට ම පින්කෙතක් වූ අමුණුගොඩ පින්බිම

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ මැද පත්තුවේ පිහිටි අමුණුගොඩ කුඩා ග්‍රාමයකි.සිරි නිවෙස් සිරිකතට වාසභූමි වූ මෙම භූමි භාගය දුටුවන්   ප්‍රසාදය ගෙන දෙන මනසකාන්ත වූ ස්වභාවික පරිසරයකට උරුමකම් කියන්නකි.අතීතයේ මෙම භූමි ප්‍රදේශයේ බමුණු වංශයේ පිරිස් වාසය කල නිසා බමුණුගම අමුණුගොඩ  වන්නට ඇති බොහෝ දෙනා විශ්වාස කරති.
එය ප්‍රත්‍යක්ෂ සාධකයක් වශයෙන් පිළිගත හැකිය.අමුණුගොඩ විහාර භූමියේ පිහිට ඇති ශිලා ලේඛනයේ ඇති සඳහනකින් ද මේ වග හඳුනා ගත හැක.අමුණුගොඩ ගම් පියස තුල පිහිටා ඇති වැදගත් ම ස්ථානය අමුණුගොඩ

මෙවරත් ගම්පහින් දහම් පා වන්ට ජය !

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ  ගම්පහ මාණ්ඩලික තරඟාවලිය ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ  ගරු ලේකම් ශාස්ත්‍රපති තෝරපිටියේ ආනන්ද නායක හිමියන්ගේ මූලිකත්වයෙන් 2015-9-13 වන ඉරු දින යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයේ දීපවත්වන ලදී. පසුගිය වසර වල පැවති ධර්මාචාර්ය ශ්‍රේණි වලට අදාළ තරඟ නොපැවැත්වීමත් 8,9,10 ශ්‍රේණි වලින් මව්පිය ගුණ ගායනා නව තරඟ ඉසව්වක් එක්ව තිබීමත්