‘දහම් පා’ සූර්ය මංගල්‍යය 2018

‘දහම් පා’ දහම් පාසල මගින් තෙවන වරට සංවිධානය කරන ලද ‘දහම් පා’ සූර්ය මංගල්‍ය 2018 බක් මහ උළෙල අප්‍රේල් 8 වන රිවි දින අති උත්කර්ෂවත් අන්දමින් දහම් පා පරිශ්‍රයේදී පවත්වන ලදී. තව කියවන්න »

2018 නව වර්ෂය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම

2018  නව වසර සඳහා 1 ශ්‍රේණිය හා අනෙකුත් ශ්‍රේණි වලට සිසුන් ඇතුලත් කරගැනීම 2018 ජනවාරි 14 වන ඉරු දින උදෑසන 8.30 සිට දහම් පා දහම් පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ.  තව කියවන්න »

දිස්ත්‍රික් තරඟයෙන් ජය ගත් සිසු දරු දැරියෝ

සමස්ථ ලංකා දහම්පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ දිස්ත්‍රික් අදියරේ තරඟාවලිය  2017 නොවැම්බර් 12 වන ඉරු දින ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය කේන්ද්‍ර කරගෙන පවත්වන ලදී. ඒ සඳහා දහම් පා දහම් පාසලෙන් සහභාගී වූ සිසු තව කියවන්න »

 

2017 නිවාසාන්තර තරඟාවලියේ සහතික හා කුසලාන ප්‍රදානය

g

 

2017 වර්ෂයේ දහම් පාසලේ නිවාසාන්තර තරඟාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියන්ට සහතික පත්‍ර බෙදා දීම පසුගියදා දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

සඟරා දොරට වැඩුම

20171008_132637

2017 වර්ෂයේ දහම් පාසලේ නිවාසාන්තර තරඟ මාලාවට සමගාමීව දහම් පාසලේ මෙවර නිවාස ද්විත්වය වූ ප්‍රඥා සහ ප්‍රදීප යන නිවාස මගින්  “ප්‍රඥාලෝක” සහ “සාරාර්ථ ප්‍රදීපය” සඟරාවන් දෙකක් නිර්මාණය කරන ලදී. එම සඟරාවන් දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය ගෞරවනීය පරකන්දෙනියේ  ධීරානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේට 2017/10/8  වන ඉරු දින පිළිගන්වන ලදී.

දහම් පා ජයග්‍රාහකයන්ට අපේ සුබපැතුම්

20170928_195957

දහම් පා ජයග්‍රාහකයන්ට අපේ සුබපැතුම්.  

‘දහම් පා’ මෙවරත් ගම්පහින් ප්‍රථම ස්ථානයට

21844136_10211404142434024_1077726464_o

2017 සමස්ථ ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ මාණ්ඩලික අදියරේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මෙවරත් ප්‍රථම ස්ථානයට පත් වීමට  ‘දහම් පා’ දහම් පාසලට හැකි විය. දීප ව්‍යාප්ත තරඟාවලියේ ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තරඟ 2017/9/17 වන ඉරු දින මැදගම සිරි සුනන්දාරාමය සහ සිරි සිද්ධාර්ථ කුමාර විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් දහම්පාසල් 51 ක සිසු සිසුවියන් 2000 ක් පමණ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

daham pa awurudu wish

ලැබුවා වූ නව වසරට දහම් පා අපගෙන් සුබ පැතුම් !!

දහම් පා බක් මහ උළෙල 2016

suba nawa wasakata asiri, sinhala hinduimgbook.blogspot

දරුවන් අතර වියැකී යන සංස්කෘතිය යලි පුබුදුවා ලීමේ අරමුණින් යුතුව දහම් පා දහම් පාසල මඟින් ප්ර ථම වරට සංවිධානය කරනු ලබන “දහම් පා” බක් මහා උළෙල අප්රේවල් මස 10 වන ඉරු දින දහම් පා පරිශ්‍රයේදී පැවැත්වේ.

දුරුතු මහා පෙරහැර 2016 (සජීව පටිගත දර්ශන)

parahara2

2016 අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරස්ථ වාර්ෂික පින්කම් මාලාවේ අවසාන අංගය වන දුරුතු මහා පෙරහැර 11 වන වරටත් 2016 ජනවාරි 30 වන දින රාත්‍රී වීථි සංචාරය කරන ලදී.

දහම්පා ග්‍රාම ප්‍රදක්ෂිණා පෙරහැර

download

64 වන වරට සිදුකරනු අලබන අමුණුගොඩ රාජ මහා විහාරස්ථ දුරුතු මහා පින්කම් මාලාවට සමගාමීව විහාරස්ථ දහම්පා දහම් පාසල මගින් සංවිධානය කල ග්‍රාම ප්‍රදක්ෂිණා පෙරහැර

අමුණුගොඩ දුරුතු මහා පෙරහැර 2016

සජීවී විකාශය 2016 ජනවාරි 30 රාත්‍රී 9.00 සිට බලාපොරොත්තු වන්න…


Live streaming video by Ustream

දහම් පාසල් අවසාන විභාග පසුගිය ප්‍රශ්නපත්‍ර

images

දහම් පාසල් අවසාන විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්න. මෙහි සියලු විෂයන් සඳහා 2007-2015 දක්වා සියලු ප්‍රශ්න පත්‍ර වෙන වෙනම වර්ෂ සඳහා ගොනු  හා මුද්‍රණය කිරීමේ පහසුව පිණිස 1999-2012 දක්වා එක් එක් විෂය සඳහා තනි ගොනු ලෙස ද ඇත.