Category Archives: අධ්‍යාපනික

සප්ත සූර්යෝද්ගමන සූත්‍රය

 

සප්ත සූර්යෝද්ගමන සූත්‍රය

බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං

කප්පම්පි චේ අඤ්ඤමහාසමානෝ
ඛීයේථකප්පෝ චිරදීසමන්තණො
වණ්ණොන ඛීයේථ තථාගතස්ස

බුදුවරයන් වහන්සේ නමක් තම ජීවිත කල්පය මුළුල්ලේම වෙන ධර්මයක් නො දෙසා බුදුගුණ පමණක් ප්‍රකාශ කළහොත් ආයුෂ් කල්පය අවසාන වෙයි. එහෙත් බුදුගුණ අවසාන නො වෙයි.  යනු ඉහත සඳහන් ගාථාවේ අදහස යි. සිංහල භාෂාවේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් වන අමාවතුර ලියා ඇත්තේ ‘පුරිසදම්ම සාරථි’ ගුණය විස්තර කිරීම සඳහාය. ‘අරහං’ ගුණය විස්තර කොට මයුරපාද හිමියෝ පූජාවලිය ලියූහ. එහෙත් එයිනුත් කියැවෙනුයේ ‘අරහං’ ගුණයේ අංශු මාත්‍රයෙකි.

ලක්දිව භික්ෂුණි ශාසනයේ ආරම්භය හා විකාශනය

 

Picture

වංශ කථාවල සදහන් වන ආකාරයට මිහිදු හිමියන් මෙරටට වැඩම කොට දේශනා කරන ලද විමාන වත්ථු, පේත වත්ථු, හා සච්චසංයුක්ත ආදී ධර්ම දේශනාවන් ඇසූ මහානාම යුවරජුගේ බිසව වූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් කුල කාන්තාවන් සෝවාන් වී පැවිදි වීමට අවශ්‍ය බව සැලකොට සිටියහ. කාන්තාවන් පැවිදි කිරීම තමන්වහන්සේට ඇකැප වූ බැවින් ඒ සඳහා තම නැගණිය සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිවට ගෙන්වා ගතයුතු බව මිහිදු හිමියන් දේවානම්පියතිස්ස රජුට සැලකර සිටියහ. ඒ අනුව ක්‍රියාත්මක වූ රජතුමා අරිට්ඨ මහ ඇමැති ඇතුළු රාජකීය දූත පිරිසක් අශෝ්ක රජු වෙත පිටත් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාවක් සමග ලක්දිවට වැඩම කළ සංඝමිත්තා තෙරණියෝ, ඒ වන විටත් කහවත් හැඳ දස සිල් සමාදන්ව රජතුමා විසින් කරවන ලද උපාසිකාරාමයේ සිටි, අනුලා දේවිය ඇතුළු පන්සියක් කාන්තාවන් පැවිදි කළහ. එසේ පැවිදි බව ලැබූ මෙම භික්ෂුණීන්

පාලි – සිංහල ශබ්ද කෝෂය

පාළි භාෂාව යනු කුමක් ද?

 

පාලි ඉගන ගන්න සිංහලෙන් 

   පාළි සාහිත්‍යය යි අදහස් කරනු ලබන්නේ ථෙරවාදීන්ගේ ත්‍රිපිටකය ද ඒවායේ අටුවා හා ටීකා ද, ඒවා අනුව ලියවුණු ධර්මසංග්‍රහ ග්‍රන්ථ ද බුද්ධචරිතාදී අන්‍ය ග්‍රන්ථ ද වෙති.

     “පාළි” යන වචනය මුල්කාලයේදී යොදා තිබෙන්නේ ත්‍රිපිටක ධර්මය හැඳින්වීම සඳහාය. විශුද්ධිමාර්ගයේ කම්මට්ඨාන ගහණ නිද්දේසයෙහි චර්යාවිභාගය දක්වන තැන “යස්මා පන ඉදං චරියාවිභාවනවිධානං සබ්බාකාරෙන නෙව පාළියං, න අට්ඨකථායං ආගතං, කෙවලං ආචරියමත්තානුසාරෙන වුත්තං, තස්මා න සාරතො පච්චෙතබ්බං (මේ ආචාර්යා විස්තර විභාගය යම් හෙයකින් පාළියෙහි හෝ අටුවාවෙහි හැම ආකාරයෙන් නො ආයේ ද, හුදෙක් ආචාර්යමත අනුගමනයයෙන් කියන ලද්දේ ද එබැවින් එය සාර වශයෙන් නොගත යුතුය)”  මෙතැන “පාළි” යන්නෙන් අදහස් කරන ලද්දේ (දැන් එනමින් වහරනු ලබන භාෂාව නොව) ත්‍රිපිටක දේශනාවයි.

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ

 

 

Picture

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වර්ණනා කරන පාලි සූත‍්‍ර ධර්ම අතර දීඝනිකායේ ලක්ඛණ සූත‍්‍රය, මහාප‍්‍රදාන සූත‍්‍රය, බ‍්‍රහ්මායු සූත‍්‍රය, සේල සූත‍්‍රය, සුත්ත නිපාතයේ වත්ථු ගාථා සහ පශ්චාත් කාලීන කෘතියක් වන පජ්ජමධු නම් කාව්‍ය ග‍්‍රන්ථය ආදිය මූලික වන්නට වූ අතර මුල් සූත‍්‍ර තුන සම්පූර්ණ මහා පුරුෂ ලක්‍ෂණ දෙතිස පිළිබඳ පරිපූර්ණ විවරණයක් ඉදිරිපත් කරයි. පාලි මූලාශ‍්‍ර හැරුණු විට මේ ලක්‍ෂණ පිළිබඳ මහා වස්තුව (කි‍්‍ර.ව. 2 –4 ) සංක්ෂේප විස්තරයක්ද ලලිත විස්තරයේදී (කි‍්‍ර.පූ. 1 – කි‍්‍ර.ව. 2 ) දෙතිස් ලක්‍ෂණ පිළිබඳ සම්පූර්ණ විස්තරයක්ද අසූවක් අනුව්‍යඤ්ජනයන් ගැන විවරණයක් ද ඉදිරිපත් කරයි. පාලි අනුක‍්‍රමයේත්, ලලිත විස්තරයේ දක්නට ලැබෙන සුවිශේෂී වෙනස නම් පාලියෙහි දෙපතුළ සිට ශීර්ෂ මුදුන දක්වා ලක්‍ෂණ එකිනෙක සංග‍්‍රහ කරන අතර ලලිත විස්තරය ශීර්ෂයේ සිට පාදාන්තය දක්වා සංග‍්‍රහ කිරීමයි. ලක්ඛණ සූත‍්‍රයේ විවරිත පිළිවෙළට දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දක්වා විමර්ශනය කිරීම සිදු කරනු ලැබේ.

වැලිවිට සරණංකර සඟ රජ හිමියෝ ..

 

සිංහල බෞද්ධයාට මහත් මෙහෙයක් කල වැලිවිට සරණංකර හිමියෝ ..


මහනුවර වැලිවිට ගමේ සිංහල මුදලිවරයකු ගේ පුතකු වූ සරණංකර හිමිගේ ගිහි කල පෙළපත් නාමය වූයේ කුලතුංග යන්නයි. උන්වහන්සේ උපත ලැබුවේ 1698 ජුනි 18 වන දා වැලිවිට ගමේ දී ය. කුඩා වියේ දී ගමේ විසූ ප‍්‍රභූවරයකුගේ මගපෙන්වීමෙන් අකුරු උගත් කුලතුංග කුමරුවා සූරියගොඩ නම් විහාරයේ දී වැලිවිට සරණංකර හිමි ලෙස ටික කලකින් පැවිදි විය.මහජනතාව විසින් “ගණින්නාන්සේලා ලෙස භික්ෂූන් වහන්සේලා හැඳින්වීමට පටන් ගත් යුගයක් වූ එම යුගයේ සැබවින් සඟ සසුන පිරිහී ගිය යුගයක් විය. බුදුන් වහන්සේ අකැප යැයි ලෙස වදාරණ ලද බොහෝ කරුණු ජීවිකාව වශයෙන් කරගෙන ගිය භික්ෂූන් වහන්සේලා ජනතාව අතර පිරිහීමට ලක් වූහ. සරණංකර හිමියෝ එම තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කළ සේක. මුලින්ම උන්වහන්සෙ එවකට අතුරුදන් වූ චාරිත‍්‍රයක් වූ පිණ්ඩපාත ක‍්‍රමය ආරම්භ කරන ලදහ. එනිසාම උන්වහන්සේට “පිණ්ඩපාතික” යන විශේෂණ පදය හිමි වූහ.සරණංකර හිමිගේ මෙම ආදර්ශවත් දිවිපෙවෙත ඇලුම් කළ තවත් සිල්වත් භික්ෂූන් වහන්සේ කිහිප දෙනෙකුම උන්වහන්සේට සහයෝගය දැක්වීමට එකතු වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ඉතා ඈත

ගිහින් බලන්න හොද සයිට් ටිකක්

1. රේරුකානෙ හමුදුරුවන්ගෙ පොත් ඔක්කොම බලන්න
2. ශ්‍රී ස්ද්ධර්ම මන්දිරය විසින් ප්‍රකාශිත පොත් හා ලිපි
3. ථෙරවාද ත්‍රිපිටකය download කරගන්න
4. ජාතක කථා කියවන්න