Monthly Archives: October 2018

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්නපත්‍ර

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයේ ඇති එකම ක්‍රමවත් එකතුව  යාවත්කාල කළ බව සතුටින් දැනුම් දෙමු.

දහම් පා ශිෂ්‍ය නායක මඬුල්ල වාර්ෂික චාරිකාව

2018 වර්ෂයේ ශිෂ්‍ය නායක මඬුල්ල පසු ගිය දා චාරිකාවක නිරත වුහ. මෙවර චාරිකාව සඳහා රිවර්ස්ටර්න් ප්‍රදේශය තෝරාගෙන තුබූ අතර මෙම චාරිකාව බොහෝ විනෝදාත්මක විය.

ආරභථ නික්‌ඛමථ යුඤඡථ බුද්ධසාසනෙ

නමෝතස්‌ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්‌ස !!!

“ආරභථ නික්‌ඛමථ යුඤඡථ බුද්ධසාසනෙ
ධුනාථ මච්චුනො සේනං නළාගාරංව කුඤඡරො
යො ඉමස්‌මිං ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්‌සති
පහාය ජාති සාසාරං දුක්‌ඛස්‌සන්තං කරිස්‌සති”

‘ආරම්භ කරන්න, නික්‌මෙන්න, බුදුසසුනෙහි යෙදෙන්න. ඇතකු බට දඬු ගෙයක්‌ වනසන්නාක්‌ මෙන් මාර සේනාව නසන්න.
යමෙක්‌ මේ සස්‌නෙහි අප්‍රමාදව වෙසෙන්නේද, හෙතෙම ඉපදීම සහ සසර දුරුකොට දුක්‌ කෙළවර කරන්නේය.’

ශාස්ත්‍රදේවාභිවන්දනා 2018 ගුරු උපහාර උළෙල

දහම් පා දහම් පාසලේ දරුවන් හා ගුරුවරුන් අතර ඇත්තේ මනා සබැඳියාවක් බව තහවුරු කරමින් ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රමුඛ දහම් පා සිසු දරු දැරියන් විසින් සංවිධානය කළ  ගුරු උපහාර උළෙල “ශාස්ත්‍රදෙවාභිවන්දනා 2018” නමින් අද දින  ‘දහම් පා’ දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.