Monthly Archives: April 2018

රාජ්‍යය පාලනය හා භික්ෂුව

රටක ප්‍රදේශයක ජනතාව ඒකරාශී කිරීමේ හා සංවිධානය කිරීමේ ප්‍රධාන බලවේගය ලෙසින් ආගමික පාර්ශවයෙන් ඉටු වී ඇති කාර්යභාරය සුළුපටු නොවේ. මුල් ගෝත්‍රික සමාජවල පවා ගෝත්‍රික නායකත්වය බිහිවීමෙහි ලා මෙන් ම එම නායකත්වය හැඩගැස්වීමේ හි ලා ද ආගමික නායකත්වය ලැබී ඇති බව සාධක දක්නට ලැබේ. ඉන්දීය සමාජය හැඩගැස්වීමේ හි ලා බ්‍රාහ්මණයන් ගේ දායකත්වය ලැබුණේ යම් සේ ද එසේ ම පුරාතන ශ්‍රී ලාංකේය සමාජය සංවිධානය කිරීමෙහි ලා බෞද්ධ භික්ෂුන්ගෙන් ද එයට නොදෙවෙනි දායකත්වයක් ලැබී ඇත. ආගමක් තුලින් ජනතාව සුචරිතවාදී ජීවිතයකට පෙළ ගැස්වීම සමාජය පාලනය කරන පාලකයෙකුට පාලන කටයුතු ගෙන යාමට පහසුවක් වේ. ආගම හා සදාචාරය හොඳින් ව්‍යාප්ත වූ සමාජයක පාලකයෙකුට පාලන කටයුතු ගෙන යාමට පහසුවක් වන බැවින් එවැනි තත්වයක් තම පාලන බල ප්‍රදේශය තුළ වර්ධනය වීමට ඉඩහළ යුතු බව මකියාවෙලී පවසා ඇත.

z_p12-Great01

ආරම්භයේ සිට මහසෙන් රජුගේ අවසානය දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය අධ්‍යනයේදී එම අධ්‍යනය ක්‍රි.පූ. 6 වන සියවස දක්වා දිව යයි. ක්‍රි.පූ.6 සියවසේදී මෙරටට ඉන්දියාවේ සිට පැමිණි විජය විසින් ජනාවාස පිහිටුවීම තුළින් මෙරට සම්ප්‍රදායික ඉතිහාසය ආරම්භ වෙයි.එතැන් සිට ක්‍රි.පූ. 437 දී පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර රාජධානිය පිහිටුවා එහි රාජ්‍යත්වයට පත්වන තෙක් ම විජය හා විජයගෙන් පැවතෙන අයවලුන් විසින් මෙරට කුඩා ජනාවාස තනාගෙන පාලනය කරන ලදී.නමුත් මෙරට රාජධානි බිහිවෙමින් විධිමත් වූ රාජ්‍ය පාලනයකට හා දේශපාලනයකට මුල්ගල තබන්නේ පණ්ඩුකාභය රජු විසිනි. එමඟින් ඇරඹෙන අනුරාධපුර රාජධානිය ක්‍රි.ව.1017 දී එල්ල වූ සොලී ආක්‍රමණ වලින් බිඳ වැටෙන තෙක් ම ශක්තිමත් ව සියවස් 15 කට ආසන්න කාලයක් රජවරු 100 කට අධික ප්‍රමාණයක් යටතේ පාලනය විය.

Prasanna-Weerakkody-3-640x400

ලබන්නා වූ නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාගය පිරි සුබ නව වසරක් වේවා!

HappyNewYear 2018

‘දහම් පා’ සූර්ය මංගල්‍යය 2018

IMG_3001

‘දහම් පා’ දහම් පාසල මගින් තෙවන වරට සංවිධානය කරන ලද ‘දහම් පා’ සූර්ය මංගල්‍ය 2018 බක් මහ උළෙල අප්‍රේල් 8 වන රිවි දින අති උත්කර්ෂවත් අන්දමින් දහම් පා පරිශ්‍රයේදී පවත්වන ලදී.