අරඹන්න, නික්‌මෙන්න, බුදුසසුනෙහි යෙදෙන්න

Untitled

නමෝතස්‌ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්‌ස !!!
 “ආරභථ නික්‌ඛමථ යුඤඡථ බුද්ධසාසනෙ
 ධුනාථ මච්චුනො සේනං නළාගාරංව කුඤඡරො
 යො ඉමස්‌මිං ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්‌සති
 පහාය ජාති සාසාරං දුක්‌ඛස්‌සන්තං කරිස්‌සති”

‘ආරම්භ කරන්න, නික්‌මෙන්න, බුදුසසුනෙහි යෙදෙන්න. ඇතකු බට දඬු ගෙයක්‌ වනසන්නාක්‌ මෙන් මාර සේනාව නසන්න.
යමෙක්‌ මේ සස්‌නෙහි අප්‍රමාදව වෙසෙන්නේද, හෙතෙම ඉපදීම සහ සසර දුරුකොට දුක්‌ කෙළවර කරන්නේය.’

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩවසමින්, භික්‌ෂුන් අමතා උතුම් වූ දහම් කථාවක්‌ දේශනා කළහ. ඒ මෙසේයි.

‘පෙර ආරුණවතී නම්රාජධානියක අරුණවතී නම් රජෙක්‌ විය. භාග්‍යවත් වූ අර්හත් වූ සි‚ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එම අරුණවතී රාජධානිය ඇසුරු කොටගෙන වැඩ වසයි. තම අග්‍ර ශ්‍රාවක දෙනම වූ අභිභූ සහ සම්භව නම් දෙනමගෙන් අභිභූ තෙරුන් වහන්සේට, සි‚ සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

‘දානය සඳහා වේලාව යම්තාක්‌ වේද? අපි එක්‌තරා බඹලොවක එළඹෙමු’ යනුවෙනි. මින් අනතුරුව සි‚ බුදුරජාණන් වහන්සේ සහ අභිභූ තෙරුන් වහන්සේ, බලවත් පුරුෂයෙක්‌ හැකුළු අතක්‌ දිගු කරන්නේ යම් සේ වේද, දිගු කළ අත් හකුළුවන්නේ යම් සේද, එසේම අරුණවතී රාජධානියෙන් අතුරුදන්ව බඹලොවෙහි පහළ වූහ.

මින් අනතුරුව, සි‚ බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණයෙන් අභිභූ තෙරුන් වහන්සේ බඹුද, බඹ පිරිසටද දැහැමි කථාවෙන් දහම් දෙසීය. එම දහමෙහි සමාදන් කරවීය උත්සාහවත් කරවීය. සතුටු කරවීය. (ධම්මියා කථාය සන්දස්‌සේසි, සමාදපේසි, සමුත්තේඡේසි සම්පහංසේසි).

මෙහිදී බඹුද, බඹ පිරිසත් ‘කෙසේ නම් ශාස්‌තෘන්වහන්සේ ඉදිරියේ ශ්‍රාවකයෙක්‌ දහම් දෙසාදැයි කතාවක්‌ ඇති කළේය. සි‚ සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් අභිභූ තෙරුන් වහන්සේට මෙසේ වදාළහ. මෙම බඹුහුද බඹ පිරිසද, බොහෝ සෙයින් සංවේගයට පමුණුවන ලෙසය. ඉන් අනතුරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වදන් පිළිගත් අභිභූ ශ්‍රාවකයන් වහන්සේ පෙනෙන කයින් යුතුවද දහම් දෙසීය. නොපෙනෙන කයින් යුතුවද නොපෙනෙන උඩ අඩ කයින් යුතුවද දහම් දෙසීය. පෙනෙන උඩ කයින් යුතුවද, නොපෙනෙන යට අඩකයින් යුක්‌තවද දහම් දෙසීය. මෙහිදී බඹුද බඹ පිරිසද අතවැසි බඹහුද තෙරුන්ගේ මහත්වූ සෘද්ධි ඇති බව සහ ආනුභාව ඇති බව දැක ආශ්චර්ය අද්භූත සිත් ඇත්තෝ බවට පත්වූහ. ඉන්පසු අභිභූ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ විසින් සි‚ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙසේ පැවැසීය. භාග්‍යවවතුන් වහන්ස, මම බඹලොව සිට දස දහසක්‌ ලෝක ධාතුවෙහි කටහඬ පතුරුවන්නට සමත්මි. මෙබඳු පවසන්නට දනිමියි කියාය. භාග්‍යවතුන් වහන්සේගේ අවසරය ලබා අභිභූ අග්‍රශ්‍රාවකයන් වහන්සේ ඉහත සඳහන් කළ ගාථා රත්න වදාළහ.

‘ආරම්භ කරන්න. නික්‌මෙන්න. බුදු සසුනෙහි යෙදෙන්න. ඇතෙක්‌ බට දඬු ගෙය වනසන්නාක්‌ මෙන් මර සෙනඟ නසන්න. යමෙක්‌ ශාසනයෙහි අප්‍රමාදීව වෙසෙන්නේ ද හෙතෙම ඉපදීම හා සංසාරය දුරුකොට දුක්‌ කෙළවර කරන්නේය’. මෙම සදහම් පෙළ අපගේ ධර්ම මාර්ගය උපකාර ධර්ම පෙළක්‌ කරගනිමු.

පළමු පියවර ලෙස මනාවූ සීලයෙහි පිහිටිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ දෙසූ දහම් පෙළ මෙසේය. ‘භික්‌ඛු සීලවා හෝති, පාතිමොක්‌ඛ සංවරසංවුතො විහරති ආචාර ගෝචර සම්පන්නෝ අණුමත්තේසු වඡ්ඡේසු භය දස්‌සාවි සමාදාය සික්‌ඛති සිකඛාපදේසු’. භික්‌ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‌ෂ සංවර සීලයෙන් සමන්නාගතව, ආචාර ගෝචර සම්පන්නව, එනම් සිරිතෙන් විරිතෙන් යුතුව කුඩා අණුකුඩා වරදෙයි පවා බියදක්‌නා සුළුව, වාසය කෙරේද, සමාදන්ව ශික්‌ෂාපදයන්හි හික්‌මේද එයයි. මෙහි ‘භික්‌ඛු’ යෑයි ආමන්ත්‍රණය කළත්, භික්‌ඛු භික්‌ඛුණි, උපාසක – උපාසිකා නම් සිවු පිරිසම තම තමන්ට අදාළ සීලයන්හි හික්‌මිය යුතු බව සිතිය යුතුය. මෙහිදී වඩාත් සිත්හි දරාගත යුතු අදහසක්‌ තිබේ. එනම් ‘ස්‌වල්පවූ’ වරදෙහි පවා අවබෝධයෙන් යුතු බියදක්‌නා බවක්‌ ඇතිකර ගැනීමය. මෙහිදී ජටා සූත්‍රයෙහිද අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්ම පර්යායද එකතුකොට ගත යුතුය. එනම්, සීලේ පතිට්‌ඨාය නරො සපඤ්ෙÆa, චිත්තං පඤ්ඤංච භාවයං’ ප්‍රඥවත් මනුෂ්‍යයා විසින් සීලයෙහි පිහිටාම සිතත්, ප්‍රඥවත් වැඩිය යුතුය. මෙහිසිත සහ ප්‍රඥව ලෙස සමථය සහ විදර්ශනාවම බව අවබෝධයට ගත යුතුය. අඛණ්‌ඩ, අච්äද්ද, අසබල, අකම්මාස, භුජිස්‌ස, විඤ්ªප්පසත්ථ, අපරාමට්‌ඨ, සමාධි සංවත්තනික ලෙස සීලය ආරක්‌ෂා කළ යුතුය. මෙම අදහස්‌ පෙළ සරලව තේරුම් ගනිමු. මුලින් හෝ අගින් සිල් නොබිඳුනේ අඛන්ඩ නම් වෙයි. මැදින් එක ද ශික්‌ෂා පදයක්‌ නොකැඩණේ අච්äන්ද නම් වෙයි. පිළිවෙලින් ශික්‌ෂාපද දෙක තුන නොකැඩුණේ අසබල නම් වෙයි. අතර අතර ශික්‌ෂාපද නොකැඩුණේ අකම්මාස නම් වෙයි. තෘෂ්ණා භාවයෙන් මිදී ස්‌වෛරීභාවය කරන බැවින් භුජිස්‌ස නම් වෙයි. බුද්ධාදී උතුමන් විසින් ප්‍රශංසා කරන බැවින් විඤ්ªප්පසත්ථ නම් වෙයි. මම මෙම සීලයෙන් දෙවියෙක්‌ වන්නෙමියි නොකියන බැවින්ද, නුඹගේ සීලය මේ ආදී දොස්‌ ඇතැයි කිසිවෙක්‌ විසින් නොකියන බැවින්ද අපරාමට්‌ඨ නම් වෙයි. උපචාර සමාධි, අර්පණා සමාධි හෝ මාර්ග සමාධි, පල සමාධි පිණිස පවත්නා බැවින් සමාධි සංවත්තනික නම් වෙයි. එමෙන්ම මෙසේ සීලයෙහි පරිපූර්ණත්වයට පැමිණෙන ගමනේ, ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥ නම් වූ බල ධර්ම සහ ඉන්ද්‍රීය ධර්මයෝද දියුණු විය යුතු බවට සිහිය පවත්වාගත යුතුය. මෙම බල ධර්ම සහ ඉන්ද්‍රිය ධර්ම නිවන අරමුණු කරගත් අපගේ ගමන් මග පුරාවට මනාසේ පවත්වාගත යුතු බවට අදිටන් පැවැතිය යුතුය.

සීලයෙන් පරිපූර්ණව ආරම්භ කළ, වීතරාගී මගෙහි ගමන් මග පැවැත්වීම සහ බුදු සසුනෙහි යෙදීම, මෙසේ අවබෝධ කරගනිමු. ‘එහි Fවං භික්‌ඛු, ඉන්ද්‍රියේසු ගුත්තද්වරො හෝහි, චක්‌ඛුනා රූපං දිස්‌වා මා නිමිත්තග්ගාහී හෝහි, මානුඛ්‍යඤ්ජනග්ගාහී යFවාධිකරණ මෙනං චක්‌ඛුJද්‍රියං අසංවුතං විහරන්තං අභිඡ්Cධා දොaමනස්‌සා පාපකා අකුසලා ධම්මා අන්වාස්‌සවෙයHqං. තස්‌ස සංවරාය පටිපඡ්ජාහි. රක්‌ඛානි චක්‌ඛුන්ද්‍රියං.

‘ඇස ආදී ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇතියෙක්‌ වන්න. ඇසින් රූප දැක නිමිති ගත්නෙක්‌ නොවන්න. අනුවයඤ්ජන ගන්නෙක්‌ නොවන්න. යමක්‌ හේතුකොටගෙන චක්‌ඛු ඉන්ද්‍රියෙහි අසංවෘතව වාසය කරන විට දැඩි ආශාව සහ දොම්නස (තරහව) නම්වූ අකුසල ධර්මයන් පහළ වෙත්ද, ඒ චක්‌ඛු ඉන්ද්‍රියෙහි සංවරය පිණිස පිළිපදින්න. චක්‌ඛු ඉන්ද්‍රිය රාගාදී කෙලෙස්‌වලින් රැකගන්න’. කණ, නාසය, දිව ශරීරය ක්‌ලාන්ත නොවෙයි. මුළාවට පත්නොවෙයි. දහම් මගෙන් බැහැර නොවෙයි. ඇසින් ගත් රූප නම් අරමුණෙහි අස්‌සාද ලෙස සොම්නසක්‌ ඇති වුවද, එහි ගැබ්වඇති ආදීනවය දනී.එනම් නිත්‍ය නොවන ස්‌වභාවයයි. නිත්‍ය නොවන කිසිවක්‌ නිත්‍ය කරගන්නට,මගේකරනන්නට නොසිතයි. රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙසුන් සහිතව රූප, ශබ්ද ආදී ආරම්මණ පරිහරණය නොකරයි. ‘ඉන්ද්‍රියේසු ගුත්තද්වාරො’ යන වදන් පෙළෙහි සැඟවුණු අර්ථය එයයි.

ආහාරයෙහි පමණ දැනීම, නිදි වැරීම හෙවත් බලවත් වීර්යයෙන් යුක්‌තවීම, සියලු ඉරියව්වලදී මනාවූ සිහිය පැවැත්වීම (සම්පජානය), කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණ ධර්ම බැහැර කරමින්, සප්ත විශුද්ධි, සප්ත බෝධයාංග ධර්ම වඩමින්, උදයවය, භංග ලෙසින් විදර්ශනා මගට යොමුවෙයි. භාග්‍යවතුන් වහන්සේ දෙසූ දහම් පෙළ සිහිපත් කරමු. ‘අප්පමත්තා, ආතාපිනෝ පහිතත්තා’ කුසලයට සමාධියට, අප්‍රමාදීව කෙලෙස්‌ තවන වීර්යයෙන් යුතුව රාගාදී කෙලෙස්‌ බැහැර කිරීමට ‘සතිමා හෙවත් සතිමන්ත’ වීමය. එනම් සතර සතිපට්‌ඨානයෙන් යුතු සිහිය පැවැත්වීමයි. මේ සරලව දැක්‌වූයේ බුදු සසුනෙහි යෙදීමයි. මේ ලෙස ධර්ම විනයෙහි හැසිරෙමින් දුක්‌ ඇති සසරින් මිදීමට මාර්ගය සකසා ගැනීම අවශ්‍යයි.

උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා!

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

දිවයින පුවත් පතේ පල කළ ලිපියකි.

Leave a Reply