Monthly Archives: October 2017

ධර්මාචාර්ය විභාගය පසුගිය ප්‍රශ්න පත්‍ර. Dharmacharya Exam Past papers.

8012786_orig

දහම් පාසල් ධර්මාචාර්ය විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලයේ සොයාගැනීමට ක්‍රමවත් එකතුවක් මෙතෙක් නොතිබූ බැවින් අප සතුව ඇති සියලු ප්‍රශ්න පත්‍ර බෙදා ගැනීමට කල්පනා කළෙමු. 

“සුරංජතු ගුරුදේව” ගුරු උපහාර 2017

20171008_092413

2017 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය හා සිසු දරු දැරියන් එක්ව මෙවරද වාර්ෂිකව සුපුරුදු පරිදි ගුරුදිනය සමරන ලදී. “සුරංජතු ගුරුදේව” යන තේමාව යටතේ මෙවර අති උත්කර්ෂවත් අයුරින් 2017-9-8 වන ඉරු දින දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

2017 නිවාසාන්තර තරඟාවලියේ සහතික හා කුසලාන ප්‍රදානය

g

 

2017 වර්ෂයේ දහම් පාසලේ නිවාසාන්තර තරඟාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියන්ට සහතික පත්‍ර බෙදා දීම පසුගියදා දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

සඟරා දොරට වැඩුම

20171008_132637

2017 වර්ෂයේ දහම් පාසලේ නිවාසාන්තර තරඟ මාලාවට සමගාමීව දහම් පාසලේ මෙවර නිවාස ද්විත්වය වූ ප්‍රඥා සහ ප්‍රදීප යන නිවාස මගින්  “ප්‍රඥාලෝක” සහ “සාරාර්ථ ප්‍රදීපය” සඟරාවන් දෙකක් නිර්මාණය කරන ලදී. එම සඟරාවන් දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය ගෞරවනීය පරකන්දෙනියේ  ධීරානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේට 2017/10/8  වන ඉරු දින පිළිගන්වන ලදී.