‘දහම් පා’ මෙවරත් ගම්පහින් ප්‍රථම ස්ථානයට

21844136_10211404142434024_1077726464_o

2017 සමස්ථ ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් මාලාවේ මාණ්ඩලික අදියරේ ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මෙවරත් ප්‍රථම ස්ථානයට පත් වීමට  ‘දහම් පා’ දහම් පාසලට හැකි විය. දීප ව්‍යාප්ත තරඟාවලියේ ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තරඟ 2017/9/17 වන ඉරු දින මැදගම සිරි සුනන්දාරාමය සහ සිරි සිද්ධාර්ථ කුමාර විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් දහම්පාසල් 51 ක සිසු සිසුවියන් 2000 ක් පමණ සහභාගීත්වයෙන් පවත්වන ලදී. දහම් දැනුම, ප්‍රායෝගික දැනුම, කථික, පාලි ගාථා හා පද්‍ය ගායනා, රචනා, චිත්‍ර, මව් ගුණ ගී ගායනා යන තරග ඉසව් 41 අතුරින් ප්‍රථම ස්ථාන 8 ක් සමගින් මුළු ලකුණු 87 ක් හිමි කර ගනිමින් තියුණු ජයක් හිමි කර ගැනීමට ‘දහම් පා’  සිසු සිසුවියෝ සමත් වූහ. වසර ගණනාවක සිට මෙලෙස සිසු නිපුණතා ඇගයීම් වලින් අකණ්ඩව ‘දහම් පා’ දහම් පාසල පෙරමුණේ රැඳීම සුවිශේෂී කරුණකි.දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ හා සිසු සිසුවියන්ගේ නොමද කැපවීම හා උනන්දුව මත මෙවරත් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට හැකි විය.

One Response to ‘දහම් පා’ මෙවරත් ගම්පහින් ප්‍රථම ස්ථානයට

  1. Kasun says:

    ජය වේවා !!

Leave a Reply