දසත එකළු කල මිණි පහන “දහම් පා” දහම් පාසල

IMG_0075

වසර 66 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප ‘දහම් පා’ දහම් පාසල වර්ෂ 1948 හි ජනවාරි මස  එවකට විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි අමුණුගොඩමේධානන්ද  හිමියන්ගේප්‍රධානත්වය හා අනුශාසකත්වය මතපැරකුම් රිවි දින දහම් පාසල යන නමින් ආරම්භ කරන ලදී.T36 යන ලියාපදිංචි අංකය යටතේ කැළණියතරුණ බෞද්ධ සමිතියේ දහම් පාසලක් ලෙස ආරම්භ කරන ලද දහම් පාසල එවකට 20 දෙනෙක් පමණ වූ ශිෂ්‍ය සංඛ්‍යාවකින් පොල් අතු මඩුවක පවත්වාගෙන ගොස් ඇත.එකල අමුනුගොඩට පමණක් නොවමේ ප්‍රදේශයට ම එකම දහම් පාසල ලෙසින් ප්‍රදේශවාසී දුවා දරුවන්ගේ දම් පිපාසය සන්සිඳුවනු ලැබූ දහම් ගුරු ගෙදර වූයේ පැරකුම්බා රිවිදින දහම් පාසලයි. පොල් අතු මඩුවක ආරම්භ කරන ලදුව ඉතා අපහසුතා හා දුෂ්කරතා මධ්‍යයේ වුවද බිඳ වැටීමට නොදී පවත්වාගෙන යන ලදුව අද දක්වා අඛණ්ඩව ප‍්‍රදේශයට හා ප‍්‍රදේශයේ  දරුවන්ට දහම් පා දහම් පාසල සිදු කරන්නේ ප‍්‍රශංසනීය මෙහෙයකි. දහම් පාව අද වන විට සිසු දරුවන් දහසකගේ පමණ දම් පිපාසය සංසිදුවන ධර්ම ප‍්‍රාසාදයක් බව කිව යුතුය. දැනුම පමණක් නොව ආකල්ප හා කුසලතා වර්ධනය වෙනුවෙන්ද දහම් පාසල තුළ විශාල කටයුතු රාශියක් සංවිධානය වී තිබේ. ශිෂ්‍ය සමිතිය, සිසු දරුවන්ගේ කථික, නිවේදන ගායන හැකියාවන් එළිදැක්වීමට දිරි දෙන දහම් පා උදා විකාශය, වාර්ෂික නිවාස තරග, දම් සරණිය බැති ගී සරණිය ඉන් කිහිපයකි. දහම් පා අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරගාවලියද මේ අතරවැදගත් තැනක් ගනියි.

IMG_0076
මෙවන් සාර්ථක උත්සාහයන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙන් දහම් පා දහම් පාසල ගම්පහ ශාසනාරක්‍ෂක බලමණ්ඩලය තුළ අනෙකුත් ධර්ම විද්‍යාල වලට අභියෝගයක් එල්ල කරන දහම් පාසලක් බවට මේ වන විට පත්ව ඇති අතර වසර ගණනාවක් ප‍්‍රථම ස්ථානයේ රැදීසිටිමට සමත්ව ඇත.1976 වර්ෂයේ දී දහම් පාසල් දිනය සදහා පැවති සමස්ථ ලංකා කෙටි නාට්‍ය තරගාවලියෙන් ප‍්‍රථම ස්ථානයට පැමිණීම දහම් පාසල අතීතයේ සිටම දැනුමෙන් හා කුසලතාවන්ගෙන් පිරි දරුවන්ගේ තෝතැන්නක් වූ බවට කදිම නිදසුනකි.අතීතයේ සිට මේ දක්වාම දිනෙන් දින ක‍්‍රමවත් වෙමින් වර්ධනය වෙමින් පැමිණි දහම් පාසලට ශක්තියක් වුනේ දහම් පා ශිෂ්‍ය නායක මණ්ඩලයයි. 2003 වර්ෂයේ සිට ක‍්‍රමවත් මණ්ඩලයක් වශයෙන් ශිෂ්‍ය නායකයින් පත්කිරීම, දහම් පාසලේ කටයුතු වඩාත් පහසු කිරීමට සමත් වී තිබේ. ‘දහම් පා’ අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරගාවලිය,  බැති ගී සරණිය වැනි කටයුතු වලදී ශිෂය නායක නායිකාවන් සිදු කළ කටයුතු ප‍්‍රශංසනීය යි.දහම් පා පුණ්‍ය භූමිය තවත් චිරාත් කාලයක් ප‍්‍රදේශයට ආලෝකයක් වනු දැකීම අපේ අරමුණයි.

 PA050015

Leave a Reply