Monthly Archives: September 2013

වස්‌ පුරන්නට පහසු ගුණධර්ම (තෙළෙස්‌ ධුතාංග)

භික්‍ෂූන් වහන්සේලා විසින් රකින ලද මෙම තෙළෙස්‌ ධූතාංග උසස්‌ ගුණධර්ම හැටියටයි හඳුන්වාදී ඇත්තේ, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මෙම ගුණධර්ම ආරක්‍ෂා කර ඇති අතර, රහත් නොවූ භික්‍ෂූන් වහන්සේලා ද මෙම ගුණධර්ම කිහිපයක්‌ හෝ ආරක්‍ෂා කරමින්, පැවිදිs ජීවිතය ගත කරනු ඇත. විශේෂයෙන් බුදු සසුනේ සිටි මහ රහතන් වහන්සේලා අතුරින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත කතාව විග්‍රහ කිරීමේදී, මෙම සියලු ගුණධර්ම පිළිවෙළට ආරක්‍ෂා කළ බව සඳහන් වේ. සසර දුකින් ගැළවෙන්නට කැමැති, අමා මහ නිවන් දකින්නට කැමැත්තක්‌ දක්‌වන භික්‍ෂූන් වහන්සේලා සතර ඉරියව්වෙන්ම සිව්පසය පිළිබඳ පැවතිය යුතු අන්දම මෙම තෙළෙස්‌ ධූතාංගවලින් පෙන්වාදී ඇත.