Monthly Archives: January 2013

භූමිචාල සූත්‍රය

භූමිකම්පා ඇතිවන ආකාර සතක් පිලිබදව බුදු රජාණන් වහන්සේ දේශනා කරයි. මෙය වසර දෙදහස් පන්සියකට පෙර බුදු රජාණන් වහන්සේ චාපාල චේතිය අසල වැඩසිට ආයු සංස්කාරය අත්හල මොහොතේ මහා භූ චලනයක් ඇති විය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බුදු රජුන් සමීපයට පැමිණ භූ චලන ඇති වීමට හේතු විමසන ලදී .එවිට බුදු රජාණන් වහන්සේ “අටඨ ඛො ඉමෙ ආනන්ද හේතු…” යනාදී පොලොව කම්පා වීමට හේතු අටක් දේශනා කරන ලදී .
“අයං ආනන්ද මහා පඨවී උදකෙ පතිටඨිතා උදකං වාතෙ පතිටඨිතං. වා කො ආකාසටෙඨා හොති… යං මහාවාතං වායනති, මහාවාතා උදකං කමෙපන්ති, උදකං කම්පිතං පඨවිං කමෙපති”
1 ආනන්ද, මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය හමායන විට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව පොළොව කම්පා වෙයි.
සමනොවා හොති බ්‍රාහ්මණොවා ඉද්ධිමා චෙතොවසිප්පතේතා, දෙවො වා මහිද්ධිකො මහානුබාවො තස්‌ස පරිත්තා පඨවි සඤ්ඤා භාවිතා හොති, අප්පමාණා ආපොසඤ්, සො ඉමං පඨවිං කමෙපති සකමෙපති සම්පකමෙපති සමපවෙඨෙති, අයං දුතියො හෙතු”