Monthly Archives: December 2012

‘දහම් පා’ ආචාර්ය මණ්ඩලය වාර්ෂික චාරිකාව 2012

DSCF2622
දහම් පා දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ වාර්ෂික චාරිකාවේ සොදුරු මතකයන්ගෙන් බිදක් මෙසේ සටහන් කරමු.

‘දහම් පා’ වාර්ෂික ත්‍යාගප්‍රදානෝත්සවය

DSCF2480
මෙම වර්ෂයේ ත්‍යාග ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබූ අතර එහි විශේෂ අවස්ථා මෙසේ සටහන් කරමු.

‘දහම් පා’ ත්‍යාගප්‍රදානෝත්සවය 2012

‘දහම් පා’ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2012 දෙසැම්බර් 23 වන ඉරු දින සවස 2.00 ට ‘දහම් පා’ දහම් පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ. සිසු දරු දැරියන් දහසකට අධික පිරිසකට දහම දැනුම බෙදා දෙන ප්‍රදේශයටම ආලෝකයක් වූ දහම් පාසලේ 2012 වර්ෂය තුල විවිධ කුසලතාවයන් දැක්වූ දරු දැරියන් 200 ක් පමණ එදින ත්‍යාග හා සහතික පත් ලැබීමට නියමිතය.

මෙදින දහම් පා දරු දැරියන්ගේ ගායන, වාදන, නර්තන ආදී හැකියාවන්ද එලි දැක්වීමට නියමිතය. 2012 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ විසිරයාමේ අවස්ථාවද මෙම උත්සවයට සමගාමීව යොදාගෙන ඇත. අප සිසු දරුවන්ගේ දක්ෂතා අගයන මෙම මොහොතට ඔබගේ සහභාගීත්වයද ගෞරවයෙන් අපේක්ෂා කරමු.