Monthly Archives: October 2012

දහම් පාසල් අවසාන ශ්‍රේණිය චාරිකාව 2012

DSCF1074
දහම් පාසලේ අවසාන ශ්‍රේණියේ සිසු දරු දැරියන්ගේ වාර්ෂික චාරිකාවේ සොදුරු මතකයෙන් බිදක්.

දහම්පාවන් ගම්පහ දිස්ත්‍රිකයේ ප්‍රමුඛ ස්ථානයට

DSCF2120

‘දහම් පා’ ගමනේ රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ‘දහම් පා’ දහම් පාසල සමත්ව තිබේ. මෙවර දිස්ත්‍රික් දහම්පාසල් සිසු නිපුනතා ඇගයීමෙන් ප්‍රථම ස්ථාන හතරක් ඇතුළු ස්ථාන පහක් හිමි කර ගැනීමට දහම්පා දහම් පාසලේ සිසුන් සමත්ව තිබේ.  පන්සීයයකට අධික ගම්පහ දිස්ත්‍රික්කයේ දම්පාසල් අතරින් එකම දහම් පාසලක සිසුන් සිව් දෙනෙක්  ප්‍රථම ස්ථාන හතරක් ලබා සමස්ථ ලංකා තරඟාවලියට සුදුසුකම් ලැබීම ඉතාම සුවිශේෂී අවස්ථාවකි. එම ස්ථාන වන්නේ,

දහම්පා දක්ෂයන්ට තවත් ජයග්‍රහණ

DSCF1039
ගම්පහ සිරි සුනන්ද දහම් පාසලේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් දහම් පාසල් අතර පැවත්වූ   තරග දහයකින්  ප්‍රථම ස්ථාන 3 ක් දෙවන ස්ථානයක් හා තෙවන ස්ථානයක් ආදී වශයෙන් ස්ථාන 5 ක් දහම්පාවන් ලබා ගැනීමට සමත්ව වූහ. ත්‍යාග ප්‍රදානෝත්සවය 2012 ඔක්තෝම්බර් 28 වන දින ගම්පහ මැදගම විහාරස්ථානයෙදී  පැවැත්වින. 

දහම්පාවෝ ගුරු පා නමදිති 2012

1

ඔක්තෝම්බර් 6 වැනිදාට යෙදී තිබුන ලෝක ගුරු දිනය වෙනුවෙන් ‘දහම් පා’ සිසුහු ද ‘නමඳිමු ගුරු පා’ නමින් ගුරු උපහාර උළෙලක් ඔක්තෝම්බර් 7 වන ඉරු දින සංවිධානය කළහ. වෙනත් වසර වලටත් වඩා උත්කර්ෂවත් අන්දමින් පෙරහරකින් උත්සව සභාවට කැඳවාගෙන ගොස් ගුරුවරුන්ව ඇගයීමට ලක් කළහ. දෙමාපියන් පිරිසක්ද අවස්ථාවට සම්භන්ධ වී සිටියහ. ‘දහම් පා’ දුදරුවන්ගේ මෙම ආදර්ශවත් ක්‍රියාව  සැමගේ ඇගයීමට ලක් විය.