Monthly Archives: September 2012

පොහොය ඉරිදා ටියුෂන් නවත්වමුද

මුහුණ සමග තරහා වී නහය කපා ගැනීම
හෙවත් ටියුෂන් තහනම 

ඉරිදා සහ පොහොය දිනයන්හි පෞද්ගලික පන්ති තහනම් කිරීමේ යෝජනාව යළිත් වරක්‌ විවාදයට භාජන වීමට පටන්ගෙන තිබේ. මෙම යෝජනාව දිගු කලක්‌ තිස්‌සේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්‌ව තිබූ අතර එය ක්‍රියාවට නැංවීම සඳහා විවිධ උපක්‍රමයන් ද භාවිත කරනු ලැබීය. කවුරු කුමන ක්‍රියාමාර්ග ගෙන තිබුණද එම යෝජනාව සක්‍රීයව ක්‍රියාත්මක කරවීමට නම් මේ වන තුරුත් කිසිවකු සමත් වී නැත. රජය ද මේ සඳහා අවංක වුවමනාවක්‌ ඇති බවක්‌ පෙන්නුම් කළත් එය නීතියක්‌ ලෙස සෘජුවම ක්‍රියාවට නැංවිය නොහැකි වාතාවරණයක්‌ යටතේ ඒ සඳහා යෙදිය හැකි විකල්ප ක්‍රියාමාර්ග සොයමින් කල්මරනු පෙනේ.

වැලිවිට සරණංකර සඟ රජ හිමියෝ ..

 

සිංහල බෞද්ධයාට මහත් මෙහෙයක් කල වැලිවිට සරණංකර හිමියෝ ..


මහනුවර වැලිවිට ගමේ සිංහල මුදලිවරයකු ගේ පුතකු වූ සරණංකර හිමිගේ ගිහි කල පෙළපත් නාමය වූයේ කුලතුංග යන්නයි. උන්වහන්සේ උපත ලැබුවේ 1698 ජුනි 18 වන දා වැලිවිට ගමේ දී ය. කුඩා වියේ දී ගමේ විසූ ප‍්‍රභූවරයකුගේ මගපෙන්වීමෙන් අකුරු උගත් කුලතුංග කුමරුවා සූරියගොඩ නම් විහාරයේ දී වැලිවිට සරණංකර හිමි ලෙස ටික කලකින් පැවිදි විය.මහජනතාව විසින් “ගණින්නාන්සේලා ලෙස භික්ෂූන් වහන්සේලා හැඳින්වීමට පටන් ගත් යුගයක් වූ එම යුගයේ සැබවින් සඟ සසුන පිරිහී ගිය යුගයක් විය. බුදුන් වහන්සේ අකැප යැයි ලෙස වදාරණ ලද බොහෝ කරුණු ජීවිකාව වශයෙන් කරගෙන ගිය භික්ෂූන් වහන්සේලා ජනතාව අතර පිරිහීමට ලක් වූහ. සරණංකර හිමියෝ එම තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කළ සේක. මුලින්ම උන්වහන්සෙ එවකට අතුරුදන් වූ චාරිත‍්‍රයක් වූ පිණ්ඩපාත ක‍්‍රමය ආරම්භ කරන ලදහ. එනිසාම උන්වහන්සේට “පිණ්ඩපාතික” යන විශේෂණ පදය හිමි වූහ.සරණංකර හිමිගේ මෙම ආදර්ශවත් දිවිපෙවෙත ඇලුම් කළ තවත් සිල්වත් භික්ෂූන් වහන්සේ කිහිප දෙනෙකුම උන්වහන්සේට සහයෝගය දැක්වීමට එකතු වූහ. එහි ප‍්‍රතිඵලය වූයේ ඉතා ඈත

බුද්ධ වර්ෂ හෙවත් ශක වර්ෂ ක්‍රමය

අද අප භාවිත කරන්නේ බටහිරයන්ගේ දිනය දැමීමේ ක්‍රමය (ක්‍රිස්තු වර්ෂ) වන අතර, සිංහල බෞද්ධයාගේ දිනය දැමීමේ ක්‍රමය වන්නේ බුද්ධ වර්ෂ හෝ ශක වර්ෂ (සිංහල අවුරුද්ද) ක්‍රමයයි. සිංහල වර්ෂ ක්‍රමය අද භාවිතයේ නොමැති නිසාම, බොහෝ දෙනෙක් මෙම ක්‍රමය වැරදියට යොදා ගනු පෙනේ. උදාහරණයක් ලෙස ඇතැම් අය සිතා සිටින්නේ “උඳුවප්” මාසය හා “දෙසැම්බර්” මාසය හරියට ම සමපාත වන බවයි. මේ අනුව “2012 දෙසැම්බර් 01” යන දිනය, ඔවුහු “බුද්ධ වර්ෂ 2556 උඳුවප් මස 01 වැනිදා” ලෙස ලියති. මෙය වැරදිය. මේ පිළිබඳ නිවැරදි විස්තරයක් දෙන නිමේෂ් ජානක මහතා විසින් ලියන ලද ලිපියක් “සිංහල බෞද්ධයා” වෙබ් අඩවියේ පලවී ඇත. ඔබ සැමගේ දන ගැනීම පිණිස අපි එය මෙසේ පල කරමු.

අන්න බලන් නරසීහ පියා…

 

අන්න බලන් නරසීහ පියා…

යශෝදරාවන් සිය පුතුට බුදු හිමි හඳුන්වා දෙමින් කළ ප්‍රකාශයක් ඇසුරෙන් රචිත නරසීහ ගාථා පිළිබඳ ඇගයීමකි මේ.
තිලකරත්න
කුරුවිට බණ්ඩාර
‘සිළුමිණ’ පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරක
අවශේෂ ප්‍රජාව පරදවා ජය ගන්නවාට වඩා තමා තුළ පවත්නා රාග, ද්වේෂ, මෝහාදි ක්ලේශ ධර්මයන් මැඩ පවත්වා ආත්ම විජය ලැබීම හෙවත් තමා දිනාගැනීම ඒකාන්තයෙන් ම ශ්‍රේෂ්ඨ ය. නිබඳ සංයත ව සංයමයෙන් යුතු ව හැසිරෙන, ආත්ම දමනය ඇති කරගත් පුද්ගලයාගේ ඒ ආත්ම විජය පරාජය කරන්නට දෙවියකු වත්, ගාන්ධර්වයකු වත්, මාරයා වත්, බ්‍රහ්මයා වත් සමර්ථ නො වේ යැ, යි සහශ්‍ර වග්ගයෙහි සඳහන් වෙයි.

රතන සූත්‍රයෙන් කළහැකි හාස්කම්



1. කොටිසතසහස්සේසු – චක්කවාලේසු දේවතා
යස්සානං පතිගන්හණ්ති – යඤ්ච වේසාලියං පුරේ
රෝගාමනුස්ස දුබ්භික්ඛ – සම්භූතං ත්‍රිවිධං භයං
ඛිප්පමන්තරධාපෙසි – පරිත්තං තං භණාමහෙ

යානීධ භූතානි සමාගතානි – භුම්මානිවා යානිව අන්තලික්ඛෙ
සබ්බේව භූතා සුමනා භවන්තු – අථොපි සක්කච්ච සුනන්තුභාසිතං
තස්මාහි භූතානි සාමේථ සබ්බේ – මෙත්තං කරොථ මානුසියා පජාය
දිවාච රත්තෝච හරන්තියෙ බලිං – තස්මාහි නෙ රක්ඛථ අප්ප මත්තා