සප්ත සූර්යෝද්ගමන සූත්‍රය

 

සප්ත සූර්යෝද්ගමන සූත්‍රය

බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං

කප්පම්පි චේ අඤ්ඤමහාසමානෝ
ඛීයේථකප්පෝ චිරදීසමන්තණො
වණ්ණොන ඛීයේථ තථාගතස්ස

බුදුවරයන් වහන්සේ නමක් තම ජීවිත කල්පය මුළුල්ලේම වෙන ධර්මයක් නො දෙසා බුදුගුණ පමණක් ප්‍රකාශ කළහොත් ආයුෂ් කල්පය අවසාන වෙයි. එහෙත් බුදුගුණ අවසාන නො වෙයි.  යනු ඉහත සඳහන් ගාථාවේ අදහස යි. සිංහල භාෂාවේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් වන අමාවතුර ලියා ඇත්තේ ‘පුරිසදම්ම සාරථි’ ගුණය විස්තර කිරීම සඳහාය. ‘අරහං’ ගුණය විස්තර කොට මයුරපාද හිමියෝ පූජාවලිය ලියූහ. එහෙත් එයිනුත් කියැවෙනුයේ ‘අරහං’ ගුණයේ අංශු මාත්‍රයෙකි.

 

භාග්‍යවත් ගෞතමයන් වහන්සේ විසින් මෙයට වසර 2600 කට පෙර දේශනා කර වදාල විද්‍යාත්මක හා තාර්කික ධර්මය සියලුම කාලයටම වලංගු වෙයි.. අප කවදත් කියවන පන්සිය පනස්‌ ජාතකයෙහි නැති කතා පුවත් බුදු සිරිත තුළ තිබේ. සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කිරීමට මුල් වූයේ මේ කතාව ය.

බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්‍ෂුවක්‌ විය. මේ භික්‍ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක්‌ දැක්‌වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.

එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක්‌ කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්‍ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක්‌ උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්‍ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.

“ස්‌වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?

බුදුන් වහන්සේ කිසිවක්‌ නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක්‌ පසුබා සිටි භික්‍ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.

“රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි” යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්‍රියද එළැඹින. භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌ බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ.

භිsක්‍ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස්‌ ගැබට සිය ශ්‍රී හස්‌තය දිගු කර මෙසේ විචාරන්නාහ: “ඇවැත්නි· දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්‌ද?”

“ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ.”

එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. “ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක්‌ එතැන නැත. ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට ඒවාට හැකියාවක්‌ නැත. කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. පෘථිවිය ඇතුළු ග්‍රහ වස්‌තූන් නිර්මාණය වූයේ භෞතික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ වශයෙනි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි” යි කීහ.

හිරු හතක්‌ පෑයීම හෙවත් සූර්යයා සතුව ඇති හයිඩ්‍රජන් වායුව දැවී නිම වීමෙන් පසු සූර්යයා හැකිලී සත් ගුණයකින් විශාල වීම, අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම යන කාරණා අඩංගු වන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය. මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌ නැති බවත්, ලෝභ, ද්වේෂ, මෝහ යනාදිය නැති කිරීමෙන් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළ සේක.

සම්බුද්ධ දේශනාව තරම් විචිත්‍ර වූ ද, තර්කානුකූල වූ ද, විද්‍යාත්මක වූ ද, සර්වකාලීන වූ ද දේශනාවක්‌ ලොව කිසි කලෙකත් නො වීය. මතුවට ද පහළ නො වනවා ඇත…!!!

යම්කිසි ධර්මයක් නිසා තවත් ධර්මයක් ඇති විම, ව්ශ්වයත්, එහි විද්‍යමාන සියලු දේත් ඇති වන්නේ යම් කිසිවක් නිසාය; යමක් ඇසුරු කොටගෙනය; යමක් හේතු කොට ගෙනය. සමකාලීන ආගමික සිද්ධාන්තයන්හි සත්ත්වයාගේ හා ලෝකයේ ඇතිවීම පිළිබඳව විවිධ මිථ්‍යා මත පැවතිණ. ඒවා අතර මහා බ්‍රහ්මයා හෝ වෙනත් ඊශ්වරයෙකු විසින් මවනු ලැබු බව (ඉස්සරනීම්මාණහේතු) ප්‍රධාන අදහසකි.මේ අනුව සත්ත්වයාගේ උපත හා මරණයත් , දුක සැප ආදියත්, ඉර හඳ අව්ව වැස්ස ආදී වශයෙන් බාහිර ලෝකයෙහි ‍ෙපනෙන ස්වභාවික වස්තූන්ගේ ක්‍රියාකාරිත්වයත් සිදු වන්නේ දිව්‍ය බ්‍රහ්ම ආදී යම්කිසි ඊශ්වර යෙකුගේ මැවීමක් නිසා බව අදහස් කරන ලදි.

නිර්මාණ වාදය නොපිළිගත් ඇතැමෙක් පෙර ආත්ම භාවයන්හි දී කරන ලද කුශලා කුශල කර්මයන් හේතු කොට ගෙන ම සත්තවයාගේ උපත, මරණය, දුක සැප විඳීම ආදිය සිදු වන බව (පුබ්බේකතහේතු) කීහ. මේ අතර තවෙකෙක් සත්ත්වයා උපදින්නේ හෝ මැරෙන්නේ කිසිදු හේතුවක් නිසා නොව අහම්බෙන්ය (අධිච්ච සමුප්පන්න) යි ප්‍රකාශ කළහ. එයම විකාශනය කෙරෙමින් නියති වාදයක් දැරූ අය නියමිත කාලයක් තුළ උපත හා මරණය සිදු වෙමින්, දුක සැප ඇති වෙමින් ගොස් සසර ගමන කෙළවර වන (නියති සංගති භාව හේතු) බව ඉගැන්වූහ. වඩාත් ගැඹුරින් ලෝකය හා සත්ත්වයා පිළිබඳව සිතූ උපනිෂද් චින්තකයෝ වෙනස් නොවන ආත්ම සංකල්පයක් වෙත නැඹුරු වෙමින් ශාස්වත වාදයකට බැස ගත්හ. එහි විරුද්ධ පැත්ත දෙස බැලූ තවත් කෙනෙක් මරණින් මතු නැවත උපතක් නැත, මෙලොවක් – පරලොවක් නැත. යනුවෙන් උච්ඡේද වාදයක් ඉදිරිපත්කළහ.

බුදුරජාණන් වහන්සේ එද්‍ර ලොව පැවති මේ සියලු ඉගැන්වීම් පිළීබඳව අවබෝධයක් ලබා ගෙන ඒ කිසිවක් සත්‍යය නොවන බව පෙන්වා දුන් සේක. සියලු ඉගැන්වීම්වල ඇති අන්නගාමි ලක්ෂණ පැහැදිලි කොට පට්ච්චසමුප්පාදය හෙවත් හේතු -ඵල ධර්මතාව ලොව සදහටම පවත්නා සත්‍යය බව දේශනා කළහ. මෙහිදී සියලු දෙයකම ඇති පට්ච්ච සමුපන්න බව පොදු සූත්‍ර ශෛලියකින් හෙවත් කෙටි ක්‍රමයකින් හඳුන්වා දීම දිද්‍රන සංයුක්තයේ අනුගමනය කරන ලද ක්‍රමය වේ.

“අස්මිං සති ඉදං හෝති” මෙය ඇති කල්හි මෙය ඇති වේ.

“ඉමස්ස උප්පාද්‍ර ඉදං උජ්ජජ්ජති” මෙය ඉපදීමෙන් මෙය උපදී. හුදු තනි දෙයක(ධර්මයක) පැවැත්මක් බුදුදහම නො පිළිගනී. කවර ආකාරයකින් හෝ එකිනෙකට සම්බන්ධ වූ ධර්ම දෙකක් , සාපේක්ෂක වූ දේවල් දෙකක් හෝ අවස්ථා දෙකක් “ මේ” යන සර්වනාම පදයෙන් දැක්ක හැකිය. විද්‍යාමන දෙයක යථා ස්වභාවය එයින් නිරූපනය කෙරෙන අතර එහි නැති බව (නිරෝධය) ද ඒ ආකාරයෙන් ම දක්වා තිබේ.

“ ඉමස්මිං අසති ඉදං හොති” මෙය නැති වට මෙය නොමැත.

“ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣ්ති” මෙය නැවැත්මෙන් මෙය නවති. සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය ප්‍රඥ්‍රප්තිවලින් වියුක්ත වූ විවරණ ශෛලියකින් පට්ච්චසමුප්පාදය අවබෝධ කර ගැනීම සාමාන්‍ය පුද්ගලයාට පහසු නොවේ. ද්‍රව්‍යයක් හා සංයුක්ත කොට ගෙන හේතුඵල සිද්ධාන්තය විමසා බලන කල්හි

“බිජය ඇති කල්හි පැලය ඇති වේ.”
“බිජය නැති නම් පැලයක් ඇති නෙවේ”
යනුවෙන් සරල නිදසුනක් මගින් තේරුම් ගැනීම් වඩා පහසුය.

බුද්ධ ධර්මය විවිධ උපමා රූපක යොද්‍ර ගනිමින් උත්සාහ දරන්නේ දුක පිළිබඳව යාථවබෝධයක් ඇති කිරීම සඳහාය. මෙය සමාජගත දුකය, චිත්තසන්තානගත දුකයයි අවස්ථා දෙකකින් පැහැදිලි කළ හැකිය. සමාජ ගත දුක ඇති වන්නේ බාහිර හේතු ප්‍රත්‍ය සමවායයෙහි, චක්කවත්තිසීහනාද සූත්‍රයේදී සක්විතිවත් රාජ ධර්ම නොපුරන, දිළින්ද්‍රට නිසි සමාජය තුළ අසහනය ඇති වන ආකාරය පෙන්වා දී ඇත. තෘෂ්ණාව මුල් කොට ගත් වේදනාව හා සමඟ වෙනත් හේතු රාශිය සමවායයෙන් කලි- කලහ. විග්‍රහ, විවාද ආදී අනේක අකුශල ධර්ම මිනිස් සමාජය තුළ හට ගන්නා හැටි මහා නිද්‍රන සූත්‍රය විවරණය කරයි.

බුදු දහමෙහි ප්‍රධාන අවධානය මනුෂ්‍ය චිත්ත සන්තානයෙහි දුක ඇති වීම හා එය නැවැත්වීම විග්‍රහ කොට දැක්වීමයි. අනුලෝම පටිලෝම ළුශයෙන් එය විශ්ලේෂණය කිරීමේදී අවිද්‍යාවෙන් ආරම්භ වන සමස්ත දුක්ඛ සමුහයාගේ සම්භවය හා නිරෝධය එයට අන්තරගත කොට දැක්වේ. එහි හේතු – ප්‍රත්‍ය ධර්ම මාලාවෙහි ප්‍රධාන අංග ද්‍රෙළසකි. අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, වේදනා, තණ්හා, උපාද්‍රන, භව, ජාති- මරණ යනුවෙනි. මිනිසා ජරා- මරණයන්ට ගොදුරු වන්නේ කුමක් හෙයින්ද? යන ප්‍රශ්නය බෝසත්තුමාට ඇති වුයේ සිදුහත් කුමාර අවධියේ සතර පෙරනිමිති දැකීමෙනි. දම්වැලක පුරුක් මෙන් දිගින් දිගට සම්බන්ධ කොරන හේතු ඵල මාලාවක ඈත කෙළවරේ අවිද්‍යාව හෙවත් නොදැනීම දක්නට ඇත.මෙහි සඳහන් අංග ද්‍රෙළසෙහි අවිද්‍යාව මුලට දැක්වුවද එය ම මූල කාරණය වශයෙන් නො ගැනේ. හේතු මාලාව වක්‍රයක් මෙන් ගමන් කරන හෙයින් අවබෝධයේ පහසුය තකා අවිද්‍යාවෙන් ආරම්භ ව ජරා මරණයන්ගෙන් අවසන් වන ආකාරයෙන් දක්වා තිබේ.

පටිච්ච සමුප්පාද ක්‍රමය අවබෝධ කර ගැනීමෙන් බුදු දහමේ ප්‍රධාන පරමාර්ථව වන දුක පිළිබඳ යථාවබෝධය ලබා ගත හැකිය. සංසාරික ගමන නැවැත්වීම හෙවත් පුනර්භවය නැති කිරීම බෞද්ධපරමාර්ථයයි. මිනිසා සසර සැරිසරන්නේ හෙවත් පුනර්භවයක් ලබන්නේ කවර හේතුවක් නිසාද? යන පැණයට පිළිතුරු මේ අංග ද්‍රෙළසකින් යුත් ප්‍රතීත්‍ය සමුප්පන්න ධර්ම විග්‍රහය තුළින් සාක්ෂාත් කර ගත හැකිය. අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා කුසලා කුසල කර්ම රැස් කරයි. එනම් අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීමයි.

විඥ්‍රනය මවු කුසට බැස ගන්නේ ඒ සංස්කාරයන් නිසාය. විඥ්‍රනය නිසා නාමරූප පහළ වේ. නාමරූපයන් හේතු කොට ගෙන චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා , කාය, මන යන ආයතන සය හට ගනී. ස්පර්ශය ඇති වන්නේ එකි ආයතන මගිනි. ස්පර්ශය නිසා වේදනාව ඇති වේ. තණ්හාව හට ගන්නේ වේදනාව මුල් කොට ගෙනය. ඒ තණ්හාව නිසා කාමාදී අරමුණු හාත්පසින් අලුවා ගනුලැබේ. උපාද්‍රන යනුවෙන් හැඳින්වෙන්නේ ඒ අල්වා ගැනීමයි. භවය ඇති වන්නේ එයිනි. භවය නිසා ජාති(හටගැනීම) ද ජාතිය නිසා ජරාමරණ ආදියද හට ගනි. මේ සමස්ත දුක්ඛ සමූහයාගේ සම්භවයයි.

මේ ආකාරයෙන් දොළොස් වෑදෑරුම් අංග රෝදයක අර හෙවත් ගරාදි මෙන් එකක් අනෙකට සම්බන්ධව පැවැත්ම සංසාරය හෙවත් භවය නමින් හැඳින්වේ. පටිච්ච සමුප්පන්න ධර්මයන් යථා ස්වරූපයෙන් දැන හඳුනා අවබෝධ කර ගැනීම භව චක්‍රයේ සිඳ දැමීම සඳහා හේතු වේ. තණ්හාව සංසාර චක්‍රයේ ප්‍රධාන අංගයක් හෙයින් එය යථා ස්වභාවයෙන් අවබෝධ කර ගැනීම චක්‍රය සිඳ දැමිමකි.

තෘෂ්ණාව ගෙවල් සාදන වඩුවෙක් නම් ඔහු සැදු ගෙයි සිටම එයට ගත් උපකරණ සියල්ල දැන , දැක විනාශකිරීමෙන් නැවත ගෙයක් ගොඩ නැගීම නොකළ හැකි සේ නාමරූප ධර්මයන් ඇසුරු කොට ගෙනම තෘෂ්ණාව සිඳ දැමිම තණ්භක්ඛය හෙවත් නිවන් දැකීම ලෙසින් දැක්විය හැකිය. තෘෂ්ණාව නැමති අරය හෙවත් ගරාදිය විනාශ කළ බව දැක ඒ අනුසාරයෙන් සෙසු අංගයන්ගේ මිඳියාමත් සසර ගමන නැවතිමත් නුවණැසින් දැකීම පටිච්ච සමූප්පාදය පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම යනුවෙන් හඳුන්වා දිය හැකිය…!!

 

 

SOURCE : http://www.buddhistculture.net

One Response to සප්ත සූර්යෝද්ගමන සූත්‍රය

  1. Gayan Perera says:

    සුත්‍රයේ නැති, පසු කාලීන ප්‍රබන්ධ කරුවන් විසින් ලියන ලද කථා අයි ඔබ බුදුන් වහන්සේ දෙසු දහම ලෙස බොරුවට පෙන්නන්නේ?

Leave a Reply