Monthly Archives: August 2012

ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් ධජය අලුත් කරයි

ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් ධජය අලුත් කරයි

 

නව දහම් පාසල් ධජය
ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉරු දින දහම් පාසල් සදහා භාවිතා කළ ධජය වෙනස් කිරීම සදහා රජය පත් කළ කමිටුවල අනුමැතිය හිමි වී ඇත. දැනට භාවිත වන ධජය නිර්මාණය කර ඇත්තේ බෞද්ධ ධජය පසුබිම් වන පරිදි දහම් පාසැල් ලාංඡනය ඒ මැදට යෙදීමෙනි.
දහම් පාසැල් ධජය වෙනස් කිරීම සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බලමණ්ඩලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ 2600 වන සම්බුද්ධත්ව ජයන්ති කමිටුවේත් ඒකමතික නිර්දේශයන් ලැබී තිබේ.